Published on July 15, 2025

ඩෙංගු මර්දනය සඳහා මහජන සහයෝගය ඉල්ලයි

ඩෙංගු මර්දනය සඳහා මහජන සහයෝගය ඉල්ලයි

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ තත්වය පාලනය කිරීම සඳහා මහජනතාවගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකතුමන් අවධාරණය කරයි.

කරුණාකර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා සතියකට වරක්වත් තම නිවෙස් සහ අවට පරිසරය පිරිසිදු කරන්න. වතුර රැඳෙන ස්ථාන (ටයර්, පොල් කටු, ටින්, මල් පෝච්චි) ඉවත් කිරීමට කටයුතු කරන්න. උණ, හිසරදය, මස්පිඬු වේදනාව, සහ සමේ රතු ලප වැනි රෝග ලක්ෂණ ඇත්නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඉල්ලා සිටී.

මෙම ඩෙංගු මර්දන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා ඔබ සැමගේ දායකත්වය ඉතා අගය කොට සලකමු.