අපගේ ශල්‍ය දෙපාර්තමේන්තුව, පළපුරුදු ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ පුහුණු හෙද කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. සාමාන්‍ය ශල්‍යකර්ම මෙන්ම, උදරය, අන්ත්‍ර, සහ පිළිකා ආශ්‍රිත සංකීර්ණ ශල්‍යකර්ම සඳහාද නවීන පහසුකම් සපයා ඇත. හදිසි අනතුරු සහ හදිසි ශල්‍යකර්ම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් මගින් රෝගීන්ට කඩිනම් සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිමු.
අප සතු නවීනතම තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 4 මගින්, ආරක්ෂාකාරී සහ ඉහළම ප්‍රමිතියෙන් යුතු සේවාවක් සහතික කෙරේ. ලැපරොස්කොපික් සැත්කම් (Laparoscopic Surgery) වැනි අවම කැපුම් සහිත ශල්‍ය ක්‍රමවේදයන් හඳුන්වාදෙමින්, රෝගියා ඉක්මනින් සුවය ලබන තත්ත්වයට පත් කිරීම අපගේ අරමුණයි.
