අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාවට අදාළ සියලුම රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම අපගේ වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ශ්වසන රෝග, සහ වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් නේවාසික මෙන්ම බාහිර රෝගී ප්‍රතිකාර ද ලබා දේ.
අඛණ්ඩ සත්කාරයක් ලබා දීම සඳහා විශේෂිත සායන ද ක්‍රියාත්මක වන අතර, බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වෙනමම වාට්ටු පහසුකම් ද සපයා ඇත. රෝගීන්ට සම්පූර්ණ සුවය ලබා දීම සඳහා කැපවූ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් අප සතුව ඇත.
